කොවිඩ් සමඟ අතීත දවස් 

කෝවිඩ් සමය කියන්නේ බොහෝ දෙනාගේ ජීවිත අතිශය සීග්‍ර වෙනසකට ලක් කරපු කාල පරිච්ඡේදයක්. ඉතින් මේ කාලසීමාව හැම කෙනෙකුගේ ම ජීවිත කණපිට ගැහුන කාලයක්. වසංගතයක් කියන්නේ අලුත් දෙයක් කියලා  හිතුවට ඒක එහෙම නෑ. වසංගත කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක්. ඉතින් අද අපි සාකච්ඡාවට තෝර ගත්තේ ඒ ගැන කතා කරන්න.ඉතින් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ ජේෂ්ඨ පුරවැසියෙක්. අපි ඇයත් එක්ක සාකච්ඡා කරලා බලමු අතීතය ගැන.

ඔබේ නම

එම් ඒ මේරි පෙරේරා

උපන් ගම

බදුල්ල

වර්තමාන පදිංචිය

කොළඹ

කොරෝනා වසංගත සමය ගැන මොකද හිතෙන්නේ

කොරෝනා කියන්නේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙච්ච දෙයක් . හැමෝගෙම අවාසනාවට ඇතිවෙච්ච ලෙඩක් මේක . ගොඩක් අයට හරියට කන්න බොන්නවත් ලැබුන නැති කාලයක්. ඉතින් මේක ස්වභාවදහම අපිට දුන්න දඬුවමක්.

වසංගතය නිසා නිසා ඔබට ඇතිවුණු ලොකුම හානිය මොකක්ද

වසංගතය නිසා ගෙදර ඇතුලටම වෙලා ඉන්න වෙච්ච එක තමයි ලොකුම ගැටලුව. පන්සලකට, අඩුම ගානේ අහල පහලකටවත් යන්න ලැබුන නෑ මේක නිසා. ඉතින් මේක ලොකු ගැටලුවක් .

මීට කලින් වසංගත වලට මුහුණ දීලා තියනවද

කලින් මෙච්චරම දරුණුවට නොවුනත් මේ වගේ දේවල් වලට ආසන්න දේවල් නම් වෙලා තියෙනවා . මැලේරියාව, ඩෙංගු,  තව කාලයෙන් කාලයට ආපු වෛරස් උණ වර්ගයි තමා.

ඒ දවස් ගැන කතා කරොත්

මැලේරියාව තිබ්බ කාලේ නම් මට මතකයි ආණ්ඩුවෙන් ගොඩක් දේවල් කරා ඒක මර්දනය කරන්න. අද වගේ මිනිස්සු දැනුවත් කරන්න  රූපවාහිනී දැන්වීම් ඒ කාලේ තිබුණේ නැහැ . ඒත් ඒ දවස්වල වෛද්‍යවරු ලොකු මහන්සියක් ගත්තා රෝග බෝ වෙන එක නතර කරන්න.  ඒ දවස්වලත් මට මතකයි ඇහිලා තියනවා,  අයි ඩී එච් රෝහලේ ඒ දවස්වලත් ගොඩක් ආසාදිතයින් ප්‍රතිකාර ගත්තා කියලා.

ඒ කාලේ වසංගත රෝග වලක්වන්න ගත්තු ක්‍රියාමාර්ග එහෙම මතකද

 මට මතකයි වෛද්‍යවරු ඇවිත් අපිව ගොඩක් මේ ගැන දැනුවත් කරා. නිතරම සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නේ කොහොමද  රෝග බෝ වෙන එක වලක්වා ගන්න කොහොමද වගේ දේවල් ගැන අපිට නිතරම ඒ අය දැනුවත් කරා. අද වගේම තමයි ඒ දවස්වල ගොඩක් නීති රීති දැඩි කරලා තිබුණේ.  

ඒ කාලේදී මුහුණ දුන් විශේෂ අත්දැකීම් මොනවද

මට මතකයි ඒ දවස්වල අපේ අම්මා අපිට තුන් වේලටම කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ දේවල් බොන්න හදල දුන්න. අපිට නිතරම එළියට පහලියට යන්න දුන්නේත් නැහැ.

ඒ කාලෙත් එක්ක දැන් තියෙන කොරෝනා ගැන මොකද හිතෙන්නේ

මට හිතෙන්නේ නම් ඒ කාලෙට වඩා දැන් තියෙන කොරෝනා  දරුණුයි කියලා. හැබැයි ඉතින් ඒ දවස් වලට වඩා දැන් රජය ගොඩක් දේවල් කරනවා මේක වලක්වගන්න. අනික ඒ දවස් වල තිබ්බ නැති රූපවාහිනී වගේ දේවල්  වලිනුත් මිනිස්සුන්ව නිතරම දැනුවත් කරනවා. අනිත් එක තමයි ඒ දවස් වල අපි  සැනිටයිසර් වගේ දේවල්  අහලවත් තිබුනේ නැහැ . ඒත් ඒ කාලයේ කාලේ තිබ්බ වසංගත කොහොමහරි නතර වුණා. ඉතින් මට ලොකු විශ්වාසයක් තියෙනවා  කොරෝනා ලඟදිම ඉවර වෙයි කියලා.

කොරෝනා ඉවර උනාම මොකද කරන්න හිතන් ඉන්නේ

වසංගත කාලය ඉවර උනාම ටිකක් නිදහසේ එලියට පහලියට යන්න හිතන් ඉන්නවා . මාස්ක් දාන එකත් දැන් එපාවෙලා තියෙන්නේ. ටිකක් නිදහසේ හුස්ම ගන්න තමයි හිතන් ඉන්නේ. (සිනහවෙමින්)


සටහන_ උචිත් යුගාන්. 

 

 

 

 

Comments

  1. මේක ඇත්තටම හොදයි.
    අපිට ඉස්සර කාලෙ වසංගත කාලයක් තිබ්බෙ කොහොමද කියල අදහසක් ඇත්තටම ගන්න පුලුවන්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මොකද්ද මේ මිනිමලිසම් - 01