මොකද්ද මේ මිනිමලිසම් - 01
ජීවන රටාවක්
කොහොමද වැඩේ වෙන්නෙ
ඔයා මිලට ගන්නෙ ඔයාට අවශ්යම දේවල් විතරයි. ඇදුම්, සපත්තු, බෑග්, විසිතුරු බඩු හැමදේම අතරින් ඔයා මිලට ගන්නේ අවශ්යම දේවල් විතරයි. අනවශ්ය කිසිදෙයක් ගන්නේ නැහැ. කල්පවතින, ගුණාත්මක දෙයක් වෙන එකත් වැදගත්. කෙටිකාලීන බාල බඩු සීයක් ගන්නවට වඩා ගුණාත්මක එක දෙයක් කියන එක වැදගත්නෙ. නේද?
ඊළඟට ඔයා ළඟ තියන අනවශ්ය දේවලුත් අයින් කරන්න. වැඩක් නැහැ කියල හිතෙන දේවල්, කැඩිච්ච දේවල් ( පුලුවන් දේවල් හදාගෙන පාවිච්චි කරන්න). ඒවා ඔයාට පුලුවන් කාටහරි පිනට දෙන්න, නැත්තං විකුණල දාන්න.
කාලය මුදල් ඉතිරිකරගන්න ක්රමයක්
අපි කඩේකින් දකින දකින හැමදේම සල්ලිවලට ගන්න ගියොත්, අපි ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් අපිට පුලුවන් බඩුවක් මිලට ගන්න කලින් හොදට ඉවසන්න. ඒ කාලෙදි, “මේක ගන්න කලින් කොහොමද මම ඒ අවශ්යතාව සපුරගත්තේ?” කියල හිතල බලන්න. මේ ක්රමයෙදි ඔයා අනවශ්ය දේවල් වලට වියදම් කරන එක 90% කින් විතර අඩුවෙනවා.
හැමදේම අතහරිනවද
ඔන්න පටලවගන්න තැන. මිනිමලිසම් කියන්නේ හැමදේම අතහරින එකට නෙවේ. අවශ්යම දේවල් විතරක් ළඟ තියාගෙන අනවශ්ය දේවල් අයින් කරන එකට, අල්පේච්ඡ විදියට සරලව ජීවත්වීමක්.
ලෝභකමත් නෙවේ
මේකට කියන්නේ ලෝභකම කියල නෙවේ. සරලබව. මේ ක්රමයෙදි ඔයා අරපිරිමැස්මෙන් ජීවිතය ගෙනියන්න පුරුදු වෙනවා.
සාර්ථකත්වයට දියුණුවට මගක්
ඔයාගේ අනවශ්ය වියදම් නවත්වන්න, ජීවිතේ හැමදේම හොදට සැලසුම් කරල ක්රියාත්මක කරන්න මේ ක්රමය ඔයාට උදව් වෙනවා. මේක සරලබවේ ආකෘතියක්. අධ්යාපනය, ආදරය,පවුල් ජීවිතය,රැකියාව මේ හැමදේම සාර්ථකව ක්රියාත්මක කරන්න පුලුවන් ක්රමයක් තමා මේක.
මිනිමලිසම් ගැන හරි වෙනත් මේ වගේ තවත් ලිපි අවශ්යනම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් අපිට එවන්න. සුබ දවසක්!



වටින ලියමනක්... 💜💜
ReplyDeleteනියමයි
ReplyDelete