Posts

Showing posts from May, 2021

මොකද්ද මේ මිනිමලිසම් - 01

Image
  මොකද්ද මේ මිනිමලිසම් මිනිමලිසම් හෙවත් අවමවාදය කියන්නේ සරලව ඉන්න ජීවන රටාවකට. මේ ක්‍රමය ඇතුලෙදි පහසුවෙන් ජීවිතේ විදින්න ඔයාලට පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කියන මිනිමලිසම් ගැන. කරදර අඩුවෙන්, ලේසියෙන් පහසුවෙන් ජීවත්වෙන්න අවශ්‍ය අයට මේ ලිපිය ගොඩක් වටිනවා.මේ වෙද්දි ජීවත් වෙන එක බෝරිං වෙලා වගේනං, වෙනසක් හොයන අයටත් මේ ලිපිය ගොඩක් වැදගත්. ජීවන රටාවක් මේක විලාසිතාවක්. හරියට නිකම්, රොක්, රෙගේ, පොප් වගේ. හැබැයි මේක සිංදු වර්ගයක් නෙවේ ජීවන රටාවක්, විලාසිතාවක්. කොහොමද වැඩේ වෙන්නෙ ඔයා මිලට ගන්නෙ ඔයාට අවශ්‍යම දේවල් විතරයි. ඇදුම්, සපත්තු, බෑග්, විසිතුරු බඩු හැමදේම අතරින් ඔයා මිලට ගන්නේ අවශ්‍යම දේවල් විතරයි. අනවශ්‍ය කිසිදෙයක් ගන්නේ නැහැ. කල්පවතින, ගුණාත්මක දෙයක් වෙන එකත් වැදගත්. කෙටිකාලීන බාල බඩු සීයක් ගන්නවට වඩා ගුණාත්මක එක දෙයක් කියන එක වැදගත්නෙ. නේද? ඊළඟට ඔයා ළඟ තියන අනවශ්‍ය දේවලුත් අයින් කරන්න. වැඩක් නැහැ කියල හිතෙන දේවල්, කැඩිච්ච දේවල් ( පුලුවන් දේවල් හදාගෙන පාවිච්චි කරන්න). ඒවා ඔයාට පුලුවන් කාටහරි පිනට දෙන්න, නැත්තං විකුණල දාන්න. කාලය මුදල් ඉතිරිකරගන්න ක්‍රමයක් අපි කඩේකින් දකි...