Posts

Showing posts from October, 2021
  කොවිඩ් සමඟ අතීත දවස්   කෝවිඩ් සමය කියන්නේ බොහෝ දෙනාගේ ජීවිත අතිශය සීග්‍ර වෙනසකට ලක් කරපු කාල පරිච්ඡේදයක් . ඉතින් මේ කාලසීමාව හැම කෙනෙකුගේ ම ජීවිත කණපිට ගැහුන කාලයක්.   වසංගතයක් කියන්නේ අලුත් දෙයක් කියලා  හිතුවට ඒක එහෙම නෑ . වසංගත කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක් . ඉතින් අද අපි සාකච්ඡාවට තෝර ගත්තේ ඒ ගැන කතා කරන්න . ඉතින් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ ජේෂ්ඨ පුරවැසියෙක් . අපි ඇයත් එක්ක සාකච්ඡා කරලා බලමු අතීතය ගැන . ඔබේ නම එම් ඒ මේරි පෙරේරා උපන් ගම බදුල්ල වර්තමාන පදිංචිය කොළඹ කොරෝනා වසංගත සමය ගැන මොකද හිතෙන්නේ කොරෝනා කියන්නේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙච්ච දෙයක් . හැමෝගෙම අවාසනාවට ඇතිවෙච්ච ලෙඩක් මේක . ගොඩක් අයට හරියට කන්න බොන්නවත් ලැබුන නැති කාලයක් . ඉතින් මේක ස්වභාවදහම අපිට දුන්න දඬුවමක්. වසංගතය නිසා නිසා ඔබට ඇතිවුණු ලොකුම හානිය මොකක්ද වසංගතය නිසා ගෙදර ඇතුලටම වෙලා ඉන්න වෙච්ච එක තමයි ලොකුම ගැටලුව . පන්සලකට, අඩුම ගානේ අහල පහලකටවත් යන්න ලැබුන නෑ මේක නිසා . ඉතින් මේක ලොකු ගැටලුවක් . මීට කලින් වසංගත වලට මුහුණ දීලා තියනවද කලින් මෙච්චරම දරුණුවට නොවු...